පොලිස් සැරයන්ගේ ජීවිතය මහ මඟ නවතී

පොලිස් සැරයන්ගේ ජීවිතය මහ මඟ නවතී

February 13, 2018   10:38 am



අතුරුගිරිය - මාලඹේ මාර්ගයේ බෝපේ ඉන්ධනහල අසල දී සිදුවු අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබේ.

මාර්ගය අයිනේ නවතා තිබූ කන්ටේනර් රථයක් පිටුපස යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු වන අතර ඔහු කිරුළපන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ අයෙකු බව සඳහන්ය.

අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.