මහින්ද රාජපක්ෂ හැකි ඉක්මණින් ජනාධිපති ධූරයේ දිවුරුම් දිය යුතුයි

මහින්ද රාජපක්ෂ හැකි ඉක්මණින් ජනාධිපති ධූරයේ දිවුරුම් දිය යුතුයි

February 13, 2018   09:36 am



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ යළිත් වරක් ජනාධිපති ධූරය බාරගෙන කටයුතු කළ යුතු බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සුබ්‍රමනියම් ස්වාමි පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කර තිබේ.

හැකි ඉක්මණින් හිටපු ජනාධිපතිවරයා යළි ජනාධිපති ධූරයේ දිවුරුම්දිය යුතු බව ඔහු පවසයි.‍