නීති විරෝධී දුම්වැටි තොගයක් රේගුවේ හිර වෙයි

නීති විරෝධී දුම්වැටි තොගයක් රේගුවේ හිර වෙයි

February 13, 2018   09:18 am



නීති විරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපල රේගුව සඳහන් කළේ ඩුබායිහි සිට අද(13) අළුයම පැමිණි කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් සතුව තිබී දුම්වැටි 41,040ක් සොයාගෙන තිබේ.

සැකකාරියන් මීරිගම සහ වරකාපොල යන ප්‍රදේශවල පදිංචි 40 හැවිරිදි 31 හැවිරිදි කාන්තාවන් බව ගුවන්තොටුපල රේගුව සඳහන් කළේය.