සයිටම් විසඳුම් යෝජනාව ජනපතිට බාරදෙන්න තීන්දුවක්

සයිටම් විසඳුම් යෝජනාව ජනපතිට බාරදෙන්න තීන්දුවක්

February 13, 2018   07:04 am

සයිටම් ආයතනයේ ශිෂ්‍යයින්ගේ ගැටලුව විසඳීම සඳහා සකස් කර ඇති විසඳුම් යෝජනාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන්ට වෛද්‍ය උපාධිය ලබාගත හැකි වැඩපිළිවෙලක් ආදාළ යෝජනාව මගින් හදුන්වා දී ඇති බවයි.

ඊට පාර්ශව රැසක එකඟතාව හිමිව ඇති බැවින් සංදේශයක් ලෙස එය ජනාධිපතිවරයාට බාරදීමට කටයුතු කරන බව වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.