ආණ්ඩුවේ වැරදි නිවැරදි කර නොගැනීමේ ප‍්‍රතිඵලය ගැන රන්ජන් කියයි

ආණ්ඩුවේ වැරදි නිවැරදි කර නොගැනීමේ ප‍්‍රතිඵලය ගැන රන්ජන් කියයි

February 13, 2018   06:58 am

ආණ්ඩුව විසින් සිදුකළ වැරදි නිවැරදි කර නොගැනීම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලවලට ප‍්‍රධාන හේතුවක් වූ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනතා අපේක්ෂා තේරුම්ගෙන ආණ්ඩුව නිසි මාවතට පිවිසීමට කාලය එළඹ ඇති බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙම අදහස් පල කළේය.