කසල තේ ප්‍රවාහණය කළ තරුණයෙක් අත්අඩංගුවට

කසල තේ ප්‍රවාහණය කළ තරුණයෙක් අත්අඩංගුවට

February 9, 2018   09:53 am



වැලිමඩ, පුහුල්පොල ප්‍රදේශයේදී කසල තේ ප්‍රවාහනය කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිමඩ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු කැබ් රථයකින් කසල තේ ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එහිදී සැකකරු සතුව තිබී කසල තේ කිලෝ ග්‍රෑම් 267ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි  18 හැවිරිදි තරුණයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර වැලිමඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.