සොරකම් නැවැත්වීමට ක්‍රියාමාර්ග සම්පාදනය වෙලා නෑ

සොරකම් නැවැත්වීමට ක්‍රියාමාර්ග සම්පාදනය වෙලා නෑ

February 6, 2018   12:18 pm


වත්මන් රජය තුළ හෝ ඉදිරි රජයකදී සොරකම් නැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ දක්වාත් සම්පාදනය වී නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරිය මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරිය සඳහන් කළේ සොරුන්ට එරෙහිව පරීක්ෂණ සිදුකරනු ලබන්නේ විශාල අභියෝග හමුවේ බවයි.