ඩී.එස්. විවර කළ මංපෙත් ඔස්සේ ඉදිරියට
February 5, 2018 03:10 pm
මීට 70 වසරකට පෙර මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන් සියළුම ජාතීන් එක් කරගෙන රටට නිදහස ලබා දුන්නේ, නිදහස් හා සෞභාග්‍යවත් අනාගතයක් කරා රට රැගෙන යෑමේ මංපෙත් විවර කරමින් බව ඇමති දයා ගමගේ පවසයි.
නිදහසින් පසුව සිටි සියළු ජන නායකයින් සිදු කළ අනභිභවනීය කැප වීමෙන් අද දිනයේදී නිදහස අභිමානයෙන් සැමරීමට හැකිව තිබෙන බව ඔහු කියා සිටියි.
අද අම්පාරේදී පැවති ජාතික නිදහස් සමරු උළෙලක් අමතමින් ඔහු ඒ බව කීය.
නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය අනෝමා ගමගේ ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක් විය.
ගමගේ මහතා එහිදී වැඩිදුරටත් පැවසූයේ, නිදහස වඩාත් අර්ථවත් කිරීමට නම් සියළුම ජාතීන් හා ආගමිකයින් එක් වී ශී‍්‍ර ලාංකිකයින් ලෙසින් ඉදිරියට යා යුතු බවයි.
රටේ පෞඩත්වය ලොවට කියා පෑමට හැකිව තිබෙන බවත්, සියළුම ජාතීන් සමගියෙන් වෙසෙන අම්පාර දිස්ති‍්‍රක්කය මුලු රටටම ආදර්ශයක් ලබා දෙන බවත් හෙතෙම කියා සිටියේය.