වෛද්‍ය  අධ්‍යාපන සඳහා වූ අවම ප්‍රමිතිය හෙට ගැසට් කරයි

වෛද්‍ය අධ්‍යාපන සඳහා වූ අවම ප්‍රමිතිය හෙට ගැසට් කරයි

January 21, 2018   06:56 pm


 

වෛද්‍ය  අධ්‍යාපන සඳහා වූ අවම ප්‍රමිතිය හෙට දිනයේ ගැසට් කරන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

 සයිටම් ගැටලුව විසඳීම සදහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ නිර්දේශ පිළිබඳව මාධ්‍ය  දැනුවත් කිරීම සඳහා අද කැදවා තිබ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.

කෙසේවෙතත් රජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය අද මාධ්‍ය  හමුවක් කැදවමින් කියා සිටියේ අදාළ කමිටුව විසින් ලබාදුන් විසදුම්වලට තම සංගමය එකඟ නොවන බවයි.

එම සංගමයේ උප සභාපති වෛද්‍ය  සුනිමල් ජයකොඩි මහතා සඳහන් කළේ කමිටුවේ නිර්දේශවලට එරෙහිව ඉදිරියේ දී විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි.