පොලිස් ගීතය දෙමළ භාෂාවට පරිවර්තනය කරයි

පොලිස් ගීතය දෙමළ භාෂාවට පරිවර්තනය කරයි

January 21, 2018   04:59 pm



පොලිස් ගීතය උතුරු නැගෙනහිර ජනතාවගේ හදවතට දැනෙන ආකාරයෙන් දෙමළ භාෂාවට පරිවර්තනය කර පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත පිළිගැන්වීම ඊයේ(20) වවුනියාව පොලිස් සංකීර්ණයේදී සිදුකරනු ලැබීය.

දෙමළ භාෂාවට පරිවර්තනය කළ පොලිස් ගීතය පොලිස්පතිවරයා වෙත පිළිගැන්වීම ගීතයේ පරිවර්තක සංගීතවේදී කන්දප්පු ජයන්දන් මහතා විසින් සිදුකෙරිණ.

වසර 151 ක් වු පොලිස් ඉතිහාසය තුළ පළමු වරට පොලිස් ගීතය නිර්මාණය කිරීම පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ සංකල්පයක් යටතේ සිදුවිණ.

දෙමළ භාෂාවට පරිවර්තය කළ පොලිස් ගීතය පළමු වරට වාදනය කිරීම මුලතිව් නව පොලිස් ස්ථානය ඉදිකිරීමට මුල්ගල තැබීමේ අවස්ථාවේදී ඊයේ(20) සිදුකරනු ලැබීය.

වැඩසටහන් අවස්ථාවන් වෙත වවුනියාව මන්නාරම දිසා භාර නියෝජ්ය  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් ප්‍රධානීන් පිරිසක්ද එක්ව සිටියහ.