යහපාලන විපක්ෂයේ භූමිකාව

යහපාලන විපක්ෂයේ භූමිකාව

January 21, 2018   04:01 pm



වර්තමානයේ රට තුළ යහපාලන ආණ්ඩුවක් මෙන්ම යහපාලන විපක්ෂයක් ද පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් හා "යහපාලන විපක්ෂයේ භූමිකාව" මැයෙන් මෙම නිවේදනය නිකුත් කර තිබේ

ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ දේශපාලන පක්ෂ ලෙස කටයුතු කරමින් රංගනයක නිරත වන අතර පසුගිය අවුරුදු 3 තුළම යහපාලන ආණ්ඩුව විසින් ගත් සෑම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකටම ඔවුන් සහයෝගය දක්වා ඇති බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එම දේශපාලන පක්ෂ හුදු විරෝධකල්පික උද්ඝෝෂණකරුවන්ගේ දේශපාලන පක්ෂ බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

2004, 2005 කාලය තුළ දී ජනතා විමුක්ති පෙරමුණ අමාත්‍යංශ 4ක් පාලනය කිරීම දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභාව පාලනය කිරීමට සමාන බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය තුළ වැඩ බැරි යහපාලන ආණ්ඩුවක් මෙන්ම වැඩබැරි යහපාලන විපක්ෂයක් ද රට තුළ පවතින බව ජනතාව තේරුම් ගත යුතු බව මහින්ද රාජපක්ෂ මහතා නිකුත්  කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන්වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය by Anonymous 4xL1hr21yl on Scribd