පුද්ගලයෙක් වස පානය කරලා සියදිවි  නසා ගන්න හදලා

පුද්ගලයෙක් වස පානය කරලා සියදිවි නසා ගන්න හදලා

January 21, 2018   01:58 pm



කිළිනොච්චිය ධර්මපුරම් පොලිස් ස්ථානය තුලදී වස පානය කොට සියදිවි හානි කරගැනීමට තැත් කල අයෙකු කිළිනොච්චිය දිසා රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙසේ සියදිවි හානි කරගැනීමට තැත් කල පුද්ගලයාගේ බිරිද කාන්තා පොලිස් නිලධාරිනියක වශයෙන් ධර්මපුරම් පොලීසියේ සේවය කරන අතර පවුල් ආරවුලක් මත ඔහු සියදිවි හානිකර ගන්නට උත්සහ දැරූ බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

වස පානය කල  තැනැත්තාගේ තත්ත්වය ඉතාම බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

කිළිනොච්චියේ ධර්මපුරම් පොලීසිය හා කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.