ජීවන වියදම අඩු කරන්න මගේ කාලේ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා

ජීවන වියදම අඩු කරන්න මගේ කාලේ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා

January 21, 2018   01:14 pm



තම පාලන සමයේ දී ජීවන වියදම අඩු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජයට එවන් වැඩපිළිවෙලක් නොමැතිවීම හේතුවෙන් රට ආර්ථික අර්බුදයකට මුහුණ දි සිටින බවයි.

මහනුවර දිගන ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.