ලංගම කොන්දොස්තරට පෞද්ගලික බස් සේවකයෙක් පහරදීලා
January 18, 2018 07:34 pm
යාපනයේ චාවකච්චෙරි බස් නැවතුම්පලේදී ලංගම බස් කොන්දොස්තරවරයෙකුට පෞද්ගලික බස් සේවකයෙකු විසින් අද (18) දින සවස පහරදීමත් සමගම ඒ අවස්ථාවේදී චාවකච්චේරි ලංගම බස් නැවතුම් පල තුල දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි.
මෙම පහර කෑමට ලක්වූ කොන්දොස්තරවරයා වව්නියාවේ සිට යාපනය බලා ගමන් කරන ලංගම බස් රථයේ කොන්දොස්තරවරයා වෙයි.
මුදල් ආරවුලක් සම්බන්ධයෙන් මේ දෙදෙනා බහින් බස් වීමෙන් පසුව පෞද්ගලික බස් සේවකයා විසින් ලංගම කොන්දොස්තරට පහරදී ඇති බව වාර්තාවේ.
දෙපාර්ශ්වයේම අය මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට චාවාකච්චෙරි පොලීසිය වෙත ගොස් ඇතත් අවසානයේදී ඔවුනොවුන් විසින් සිද්ධිය සමථයකට පත් කරගන්නා බව කියමින් පොලීසියෙන් පිටව ගොස් තිබේ.