අපේක්ෂිකාවක් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන දඹුල්ලේ විනීතා
January 16, 2018 10:38 pm
පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂිකාවක් ලෙස ව්‍යාජව පෙනී සිටින කාන්තාවක දඹුල්ල කිරලගොල්ල කොට්ඨාසයේ ගෙන් ගෙට ගොස් පත්‍රිකාවක් බෙදාහරිමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ සලකුණ යටතේ වීනීතා කුමාරි නම් වූ කාන්තාවක ඇයගේ ඡායාරූපයක් ද සහිතව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන මැතිවරණය සඳහා ප්රරසාද මන්ත්‍රී ධූරයක් තමාට ලැබෙන බව ප්‍රකාශ කරමින් දඹුල්ල ප්‍රාදේශීය සභාව නියෝජනය කිරීමට තමන්ට අවස්ථාවක් ලැබී ඇති බව ප්‍රකාශ කරමින් ,ජනතාව රවටමින් අතිරේක ලැයිස්තු අපේක්ෂිකාවක් බව පවසමින් මැතිවරණ ව්‍යාපාරයේ දී සිටින බව ප්‍රදේශවාසීහු සඳහන් කර සිටිති.
දඹුල්ල - ඇඹුල්අඹේ ගම්මානයේ පදිංචිව සිටින එම කාන්තාව ව්‍යාජ ලෙස අපේක්ෂිකාවක ලෙස පෙනී සිටීම පිළිබඳව දඹුල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ එවැනි අපේක්ෂිකාවක් හෝ අමතර ලේඛනයේ අපේක්ෂිකාවක් ලෙස නම් කොට නොමැති බවය.
එමෙන්ම ඇය තම පක්ෂ සංවිධාන කටයුතුවල නිරත වන කාන්තාවක් බවද ප්‍රකාශ කළේය.
එහෙත් ජනතාව මුලා කරමින් අපේක්ෂිකාවක් ලෙස පෙනී සිටීම සම්බන්ධයෙන් තමන්ට කරන්නට කිසිවක් නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නාමය සහ සලකුණු පාවිච්චි කරමින් ව්‍යාජ ලෙස පෙනී සිටීම පිළිබඳව දඹුල්ල එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතාගෙන් මේ පිළිබඳව විමසීමේ දී කියා සිටියේ අවම තරමේ එක්සත් ජාතික පක්ෂයෙන් පත්කොට ඇති නාම ලේඛනය වත් මෙතෙක් තමන්ට ලැබී නොමැති නිසා කවුරුන් පත්කර සිටීද යන්න නොදන්නා බවය.
මෙම පත්‍රිකා බෙදාහැරීම සිදු කරන බව කියන අපේක්ෂිකාවක් ලෙස ව්‍යාජව පෙනී සිටින විනීතා කුමාරි නම් වූ මහත්මියට අප දුරකතනයෙන් කතාකොට විමසීමක් කළෙමු.
ඇය කියා සිටියේ දඹුල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම පත්‍රිකාව මුද්‍රණය කොට බෙදා හැරීම සිදු කරන බවය.
එමෙන්ම තමන්ට ජයග්රහණයෙන් පසුව මන්ත්‍රී ධූරයක් ලබා දීමට එතුමා පොරොන්දු වී මෙම ක්‍රියාවලිය සිදු කරගෙන යන ලෙස උපදෙස් ලබා දුන් බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ ක්රමයේ නීත්‍යානුකූලභාවයක් ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
අන් අයකු ලෙස පෙනී සිටීමක් නොව තමන්ට ආසන සංවිධායක වරයා ලබාදුන් උපදෙස් අනුව මෙම පත්‍රිකා මුද්‍රණය කොට ගෙන් ගෙට ගොස් බෙදා හැරීම සිදු කිරීම සිදුකරන බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.