කතිරය හිගාකාලා බලතල අරන් කොමිස් ගැනීමේ දේශපාලනයක් මට නෑ

කතිරය හිගාකාලා බලතල අරන් කොමිස් ගැනීමේ දේශපාලනයක් මට නෑ

January 16, 2018   10:25 pm


මූණත් තහඩුව පෙන්නලා කතිරය හිගාකාලා පළාත්පාලන ආයතනවලට ඇවිත් බලතල අරගෙන කොන්ත‍්‍රාත්, කොමිස් ගැනීමේ දේශපාලනයක් තමන්ට නැති බව විප්ලවවාදී ශිෂය සංගමයේ සංජීව බණ්ඩාර පවසයි. 

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ‘නොරැවටෙමු-නැගී සිටිමු‘ යන තේමාවෙන් ඊයේ (15) ගාල්ල කරන්දෙනියේදී පැවති පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ජනහමුවක් අමතමිනි.

 ඒම පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය වන විප්ලවවාදී ශිෂ්යි සංගමය නියෝජනය කරමින් ජනහමුව ඇමතූ සංජිව බණ්ඩාර මෙස්ද ප‍්‍රකාශ කළේය. ”මැතිවරණයකට ඉදිරිපත්වීම රැස්වීම් පැවැත්වීම අලූත් දෙයක් නෙවෙයි. නමුත් පෙ.ස.ප.  වශයෙන් අපි මේ මැතිවරණයට කරන මැදිහත්වීම අනෙක් දේශපාලන පක්ෂවලට වඩා වෙනස්. අපි පක්ෂයක් ලෙස මේ මැතිවරණයේදි තරඟ කරන්න ඉදිරිපත් නොවුණත් අපට බරපතළ වගකීමක් තිබෙනවා, සමාජයක් ලෙස රටක් ලෙස අපට මුහුණ දෙන්නට නියමිත අදුරු ඉරණම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න.  ඒ වගේම ඒ විනාශය වැළැක්වීම සඳහා ජනතාව දැනුවත්කිරීමට ඇති අයිතිය වෙනුවෙන් අපි ඔබ ඉදිරියට ආවෙ. 

ඇත්තටම මේ මැතිවරණ ක‍්‍රමය විසින් ප‍්‍රතිපත්තිමය දේශපාලනය කරන අයකුට ඉදිරියට පැමිණී මේ ඉඩකඩත් උදුරාගෙන තිබෙන්නෙ. 2015 මේ අය බලයට පත්වෙන්න කලින් ජනාධිපතිවරණය හමුවේ ගෙනාව සටන්පාඨය වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමාජ සාධාරණත්වය වැනි දේවල්. හොරු අල්ලනවා කියපු අය දැන් ලොකුම හොරකෙ මේ චූදිතයන් වෙලා. යහපාලනය, දූෂණ නැවැත්වීම වගේ මාතෘකා දැන් විහිලූවට ලක්වනවා. ආණඞුවේ ප‍්‍රධාන පොරොන්දුවක් වුණෙත් දූෂිත මැතිවරණ ක‍්‍රමය ඉවත් කරලා ජනතා පරමාධිපතය තහවුරු කළ හැකි මැතිවරණ ක‍්‍රමයක් සකස් කිරීමයි. ඒක් ඒක් අවස්ථාවල විවිද සංශෝධන ගෙනාවා.   අලූතින් පළාත්පාලන මැතිවරන ක‍්‍රමය සංශෝධන කර තිබෙන්නෙ ජනතාවට වාසිදායක වන්නට නොවේ, ආණ්ඩුවේ බලය තහවුරු කරගැනීමටයි. 

20 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙම ඡුන්ද කල්දාන්න. පළාත්පාලන මැතිවරණය විතරක් අවුරුදු 3ක් කල් දමනු ලැබුවා. ශ්‍රේෂ්ඨාදිකරණය තීන්දු කළා ඒ සංශාධන සම්මත කරන්න නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට. ආණ්ඩුව දැන් දන්නවා 2015 දුන්නු පොරොන්දු සියල්ල කැඩිලා ඉවරයි. ඒ නිසා ආණ්ඩුව දන්නවා දැන් මොන මැතිවරණ යටතේ වුවත් ජනතාගෙන් ඡුන්ද දිනාගන්න බැරි බව. ඒ නිසා දැන් පනත් සංශෝධන හා මැතිවරණ පනත ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස සංශෝධනය කරන්නට කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා තමයි සමහර අය කියන්නෙ මේක හරක් හොරුන්ගේ ක‍්‍රමයට පනත් සම්මත කිරීමක් හැටියටයි. ලොරිය ඉස්සරහින් බුදු සරණයි කියලා ගහගෙන හොර හරක් පන්නාගෙන යනවා.  

ඉතින්  මේ ආණ්ඩුව විතරක් නෙවෙයි දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කයිවාරු ගහන හැමෙදනාම මේ මැතිවරණයෙන් පස්සට දාගන්න උත්සාහ කළා. ඒකාබද්ධ විපක්ෂයඅවුරුදු 3ක් මැතිවරණ වෙනුවෙන් කෑ ගැහුවලූ. ඒත් ඒහෙම හඩක් නැගුවද නැද්ද කියලා අපි දන්නවා. මොකද ඒකාබද්ධ විපක්ෂය පරාජය භාරගෙන හිටියෙ. ජනතා විමුක්ති පෙරමුණත් රෙද්දක් ඇදගෙන පාරට බහින්න බැරුව හිටියෙ. ජ.වි.පෙ. ඒළියට බැහැ ගන්න බැරිවයි හිටියෙ මොකද? ඒ 201 මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කරන්න අනියමින් සහාය දිලා ඉන්පස්සෙ ඒ ආණ්ඩුවෙ ජනතා ද්‍රෝහී අණපනත් සෙරටම පක්ෂව අත උස්සපු නිසා ඒක වුණේ.