සිර මැදිරියෙන් පලා ගිය සැකකරු අල්ලයි
January 16, 2018 09:07 pm
අරණායක පොලිස් සිර මැදිරියෙන් පලා ගිය සැකකරු අරණායක පොලිසිය විසින් අද ( 16 ) අත්අඩංගුවට ගත් බව අරණායක පොලීසිය පවසයි.
මෙම සැකකරු නිතී විරෝධී ගංජා මිලිග්රෑම් 1900 ක් සමඟ පසුගිය වසරේ ( 2017 නොවැම්බර් 26 වැනි දින අත්අඩංගුවට ගත් අතර එම දිනයේ රාත්රී 6 ත් 7 ත් අතර කාලයේ සිර මැදිරියෙන් පැන ගොස් තිබුණේ එහි දොරගුළු විවෘත කොට ගෙනයි.
එම දිනයේ සිට මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ගණනාවක් සිදු කළ අතර ඔහු අද උදෑසන 7 ට පමණ අරණායක හොරේවල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට ලැබුණු තොරතුරකට පසුව බව පොලීසිය කීය.
අරණායක පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජීව ගුණතිලක මහතා පැවසුවේ සැකකරු අද දිනයේ මාවතගොඩ අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
පොලිස් ස්ථානාධිපති සුජීව ගුණතිලක මහතා ඇතුළු නිලධාරීන් මෙ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.