යාපනයට අද සිට ජල්ලි කට්ටු එයි-දිගටම ඉඩ නොදෙන බවට ජනතාව කියයි
January 16, 2018 07:27 pm
ජල්ලි කට්ටු ක්රීඩා අද කිලිනොච්චියේදී ආරම්භ වීමත් සමඟම ඊට බොහෝ දෙනෙකු විරෝධය පල කරන්නට පටන් ගෙන තිබේ.
ජල්ලි කට්ටු ක්රීඩාව යනු ගවයින් සමඟ පිරිසක් එකතුවී මුදල් ඔට්ටු අල්ලමින් කරණු ලබන ක්රීඩාවකි.
දකුණු ඉන්දියාවේ ජල්ලි කට්ටු ක්රීඩාව ඉතා ජනප්රිය වුවත් සත්ව හිංසාව අනුමත නොකරණ පිරිස් ජල්ලි කට්ටු ක්රීඩාවටද විරෝධය පල කරති.
එමෙන්ම ජල්ලි කට්ටු ක්රීඩාවේදී වරක ගවයා බිම ඇද වැටීමෙන් මිය යාම හෝ තුවාල ලැබීම සිදු විය හැකි අතර ඊට වඩා සිදුවන්නේ ගවයා හඹා යමින් ජල්ලි කට්ටු ක්රීඩාවේ යෙදෙන පුද්ගලයින් තුවාල ලැබීම හෝ මිය යාමයි.
දිව යන ගවයාට පෑගී හෝ ගවයා පසුපස දිවීම නිසා බිම ඇදවැටෙන පිරිස ඊට වඩා විශාලය.
මේ නිසා ජල්ලි කට්ටු ක්රීඩාව බොහෝ රටවල තහනම් කොට ඇති ක්රීඩාවකි.
ගවයාගේ අංවලට වැදීම නිසා ගවයා පසුපස එළවන පිරිසගේ ඇස්වලට අනතුරු සිදුවීම ඉතා බහුල ලෙස සිදුවන්නකි.
ශ්රී ලංකාවේ ජල්ලි කට්ටු ක්රීඩාව තහනම් නැතත් මුදලට ඔට්ටු අල්ලා ජල්ලි කට්ටු ක්රීඩාවන් පැවැත්වීම තහනම්ය.
කිළිනොච්චියේ විශාල පිරිසක් ජල්ලි කට්ටු ක්රීඩාවට විරෝධය පල කොට ඇත්තේ තරුණයින් සූදුවට ඇබ්බැහි වීමත් නිකරුණේ තුවාල සිදු කරගැනීම හෝ මරණයට පත් වීම සිදු විය හැකි නිසාය.
කිළිනොච්චියේ වැසියෝ පවසන්නේ තෛපොංගල් සමය නිසා මේ දින කීපය ඊට ඉඩ දෙන නමුත් ජල්ලි කට්ටු ක්රීඩාව දිගටම සිදුවන්නේ නම් ඒ පිළිබඳව බලධාරීන් දැණුවත් කොට ජල්ලි කට්ටු ක්රීඩාව කිළිනොච්චියේ තවදුරටත් පැවැත්වීමට ඉඩ ලබා නොදෙන බවයි.