බැඳුම්කර වාර්තාව අතරමැද වෙනස් වෙයි කියලා සැකයි
January 16, 2018 06:41 pm
බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාවේ අන්තර්ගත කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර වෙනස් කිරිමට ලක්වුවහොත් ජනාධිපති ලේකම්වරයාට එරෙහිව නඩු පවරන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
අද(16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා මෙම අදහස් පළ කළේය.
ජනාධිපතිවරයාට බැඳුම්කර කොමිසම ලැබී අදට දින 16 ක් ගත වි ඇති බවත් අද වන තෙක් නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා පත්‍ර ගොනු කිරීමක් සිදු කර නොමැති බවද මන්ත්‍රිවරයා පැවසිය.
නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් වෙහෙසෙමින් සිටින බවත් මෙම කටයුත්ත එනිසා මඟ හැරී ඇතැයිද පැවසු ජයන්ත සමරවීර මහතා අද වන විට බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන චුදිතයා වන රවී කරුණානායක මහතා විසින්ම ජනාධිපතිවරයාට බාර දුන් වාර්තාව පිළිගත නොහැකි බව පැවසන බවද සඳහන් කළේය.
එවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුවට බැඳුම්කර කොමිසමේ වාර්තාව ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීම තුළ අතර මැද තැනකදී එය වෙනස් වීමකට ලක් විය හැකි බවට සැකයක් පවතින බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.