අක්කර 4ක ගංජා හේනක් වටලයි-වටිනාකම රුපියල් කෝටි 3කට අධිකයි

අක්කර 4ක ගංජා හේනක් වටලයි-වටිනාකම රුපියල් කෝටි 3කට අධිකයි

January 16, 2018   05:07 pm


ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ කාලයක් තිස්සේ කරගෙන ගිය අක්කර හතරක පමණ විශාල ගංජා ගෙනක් වටලා එක සැකකරුවෙකු සහ මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමට තංගල්ල ,මාතර දිසා විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරින් සමත් වී තිබේ.

පසුගිය 14 සහ 15 යන දෙදින තුළ මෙම වැටලීම සිදුකර ඇති අතර මෙහිදී අක්කර හතරක පමණ ප්‍රදේශයක අඩි හතක් පමණ උසට වැඩුණු ගංජා හේනක් විනාශ කිරීමට පොලිසිය සමත් වී ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි තුනකට අධික බව පොලිසිය පවසා සිටියි.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එහි සිටි ප්‍රධාන සැකකරු පලාගොස් ඇති අතර එක සැකකරුවෙකු පමණක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ ඔහු තණමල්විල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පමණ පුද්ගලයෙකු වේ එමෙන්ම මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක්ද ගංජා හේනේ තිබී පොලිසිය සොයා ගෙන තිබේ.

සැකකරු හා නඩු භාණ්ඩ අධිකරණ කටයුතු සඳහා ලුණුගම්වෙහෙර පොලිසියට බාර දී තිබේ.

මෙම වැටලීම තංගල්ල මාතර දිසා බාර නියෝජ්‍ය පොලිස් පති කිත්සිරි ජයලත් මහතාගේ උපදේශ මත තංගල්ල ,මාතර දිසා විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේසිංහ , මහතාගේ ප්‍රධානත්වයෙන් , උ ,පො ,ප .උපසේන , පො .සැ .32045 ,ජගත් පො.කෝ ,40498 අජිත් ,60755 ශ්‍රීමාල් , 60326 හේරත් ,පො .කෝ .රි .80856 කුමාර යන ය විසින් මෙම වැටලීම සිදු කර තිබේ .