SLFP යේ හා UNPයේ ඩීල් එකක් GLහෙළි කරයි

SLFP යේ හා UNPයේ ඩීල් එකක් GLහෙළි කරයි

January 16, 2018   04:50 pm

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පැහැදිලි ලෙසම ඩීල් එකක් පවතින බව ඉතා වගකිමෙන් යුතුව පවසන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතා පවසයි.

අද(16) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

අද වන විට බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා අතට පත්ව දින 17 ක් ගතව ඇති බවත් කිසිදු නීතිමය පියවරක් මේ සම්බන්ධයෙන් නොගැනීම තුළින් ඒ බව පැහැදිලි වන බව ද ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයා කඩුව අතැතිව එයින් කපන බවට බරපතළ වචන පැවසුවත් එය අද වන විට වචනවලට පමණක් සීමා වී ඇති බව ද ඔහු සඳහන් කළේය.