නීති උල්ලංඝණය කර භාණ්ඩ අලෙවි කළ  25,082ට  නඩු

නීති උල්ලංඝණය කර භාණ්ඩ අලෙවි කළ 25,082ට නඩු

January 16, 2018   04:39 pm




2017 වසරේ පාරිභෝගික අධිකාරිය පාරිභෝගික නීති රීති උල්ලංඝණය කරමින් භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන් වැටලීම් 25,708 ක් සිදුකර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි.

එහිදී 25,082 දෙනෙකුට එරෙහිව නඩු පැවරීම් සිදුකර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

මෙහිදී අදාළ නඩු පැවරීම් තුළින් උපයාගෙන ඇති ආදායම රුපියල් මිලියන 98 කට අධික බවද අමාත්‍යංශය සඳහන් කළේය.

2016 වර්ෂය හා සැසදීමේදී 2017 වර්ෂය තුළ දඩ මුදල් ආදායම සියයට 08 යි දශම තුනකින් ඉහළ ගොස් ඇති බව සඳහන්ය.

එමෙන්ම වැටලීම් සංඛ්‍යාවද සියයට 17 යි දශම 5යි 2 කින් ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.