තුන්කොන් එක්දින  තරගයේ  පළමු තරගය  හෙට

තුන්කොන් එක්දින තරගයේ පළමු තරගය හෙට

January 16, 2018   03:38 pm



බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය හෙට පැවැත්වෙයි.

ඊයේ ආරම්භ වූ තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවත්වුණි.

එම තරගය කඩුළු 8කින් ජයගත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.

තරගාවලියේ දෙවන තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය බංග්ලාදේශයේ මීර්පූර්හිදී හෙට පැවැත්වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අවසන් වරට පැවති එක්දින තරගාවලිය 3 ට 2ක් ලෙස ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණි.