තරුණයින් 11ක් පැහැරගත් සිද්ධියේ 9 වෙනි සැකකරුත් බන්ධනාගාරයට
January 16, 2018 03:19 pm
කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 09 වන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ සැකකරු නාවික හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු වන අතර ඔහු සෘජුවම මෙම පැහැර ගැනීම් හා අතුරුදන් කිරීම්වලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත.
සැකකරු මෙම පැහැරගැනීම් සිදුවන කාලයේ ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරේ සේවය කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට පවසා තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකරු ලබන 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි මස 08 වනදා කැඳවීමට මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර තිබේ.