එල්.ටී.ටී.ඊ.ගීත වාදනය කරලා යාපනය නොසන්සුන් වෙයි
January 13, 2018 09:55 pm
එක්තරා දේශපාලන පක්ෂයක පිරිසක් විසින් යාපනයේදී පළාත් පාලන මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයකදී එල්.ටී.ටී.ඊ.ගීත කීපයක් වාදනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට යාපනය පුරා දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.
විමුක්ති කොටි වැනි වදන් පළාත් පාලන මතිවරණයේදී යොදා නොගන්නා ලෙස මතිවරණ කොමසාරිස්වරයා උපදෙස් දී තිබියදී යාපනයේ එවැනි තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් යාපනයේ දේශපාලනඥයින් කීප දෙනෙකුම මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථාන වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබේ.
මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමක් සසම්බන්ධයෙන් පිරිසක් මේ පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මෙම රැස්වීම සදහා පැමිණ සිටි තරුණයින්ගේ අත් වල තිබූ ජංගම දුරකතන වල ප්රභාකරන්ගේ ඡායාරූප තිබූ බවත් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ ගීත වාදනය වන අවස්ථාවේදී එම තරුණයින් ජංගම දුරකථන ඔසවමින් සිටි බවත් සිද්ධිය සියැසින් දුටුවෝ පවසා තිබේ.
මේ නිසා මෙය අත්වැරදීමක් නොව සිතාමතාම හා සැලසුම් සහගතව සිදු කරණ ලද්දක් බව යාපනයේ ජනතාව කියා සිටිති.