කසළ බැහැර කිරීම වහාම නතර කරන්නැයි අධිකරණ නියෝගයක්
January 13, 2018 09:49 pm
යාපනයේ - කාරෙයිනගර් වරාය පාරේ - කසළ බැහැර කිරීම වහාම නතර කරන ලෙසත් දැනට එම ප්‍රදේශයේ දමා ඇති කසළ මාස තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙසත් යාපනයේ මල්ලාකම් මහේස්ත්‍රාත් අන්තෝනිපිල්ලේ ජස්ටින් මහතා යාපනය මගර සභාවේ ලේකම්වරයාට 12 දා නියෝග කොට තිබේ.
මෙම ප්‍රදේශයේ කසළ බැහැර කිරීම නිසා නාවාලි,අරාලි,ආනේකෝට්ටේ ඇතුළු ගම්මාන හතක ජනතාව පීඩා විදින බවට එම පළාත්වල ස්වේච්ඡා සංවිධාන දෙකක් විසින් මෙම නඩුව යාපනය නගර සභාවට එරෙහිව ගොනු කොට තිබුණි.
කසළ බැහැර කිරීමට අමතරව නගර සභා සේවකයින් කසළවලට ගිනි තැබීම නිසා පළාතේ ජනතාව ජීවත්වීමට නොහැකිව උග්‍ර පරිසර ප්‍රශ්නයකට මුහුණ පා සිටින බවද එම නඩුවේ සඳහන් කොට තිබුණි.
යාපනය නගර සභාව වෙණුවෙන් පෙනී සිටි නීතිඥ කේ.සකාෂ් මහතා අධිකරණයට කියා සිටියේ නගර සභාව කසළ බැහැර කිරීම සදහා මෙම ප්‍රදේශය තෝරා ගන්නා ලද්දේ ප්‍රාදේශීය සභාවේ අවසරයකින් පසුව බවයි.
අවසර ලබාගැනීම නීත්‍යානුකූල වුවත් මහජනතාවගේ සෞඛ්‍යය කෙරෙහි යාපනය නගර සභාව මීට වඩා කල්පනා කළ යුතු බව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා මෙම තීන්දුව ලබා දී තිබේ.