ශ්‍රී ලංකාව වැනි රටවල් චීනය හා සම්බන්ධවීම ඉතා හොඳ තත්ත්වයක් නෙමෙයි

ශ්‍රී ලංකාව වැනි රටවල් චීනය හා සම්බන්ධවීම ඉතා හොඳ තත්ත්වයක් නෙමෙයි

January 13, 2018   09:42 pm




ශ්‍රී ලංකාව වැනි රටවල් චීනය හා සම්බන්ධවීම ඉතා හොඳ තත්ත්වයක් නොවන බව ඉන්දීය යුධ හමුදා ප්‍රධානී බිපින් රාවට් ප්‍රකාශ කර තිබේ.

ඊට ඉන්දීය රජය වගකිව යුතු බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඉන්දීය  සහ පකිස්ථාන දේශසීමාව හා සමානවම ඉන්දීය චීන දේශසීමාව පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව ඉන්දීය හමුදා ප්‍රධානීය ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය හමුදා දිනය  වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉදිරියේදී චීනය සහ ඉන්දියාව අතර ඉතා හොද මිත්‍රත්වයක් පවත්වාගෙන යා යුතු බව සඳහන් කරන ඉන්දීය හමුදා ප්‍රධානීයා ඒ සඳහා ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය, මියෙන්මාරය සහ බංග්ලාදේශය වැනි රටවල සහය ලබාගත යුතු බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

එම රටවල සහය ලබා ගැනීම සඳහා ඉන්දීය බලධාරීන් කටයුතු කළ යුතු බව ඉන්දීය හමුදා ප්‍රධානීය පවසා ඇත.

මේ වන විට ඉන්දු - චීන දේශසීමා ආසන්නයේ ආරක්ෂක කටයුතු වැඩි කර ඇති බව සඳහන් කරන ඉන්දීය හමුදා ප්‍රධානීයා ඉන්දියාව සතුව ඉතා හොඳ හමුදා ශක්තියක් පවතින බව ද එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.