'මඳසරුභාවය' හෙවත් 'ගර්භිණීභාවය උදා කරගැනීමට අපොහොසත් වීම, සඳහා ප්‍රතිකාර කිරීමේ අංග සම්පූර්ණ සේවා මධ්‍යස්ථානයක් කාසල් වීදිය කාන්තා රෝහලෙහි ස්ථාපිත කිරීමට රජය තීරණය කොට ඇත.
මෙහි දෙවන මධ්‍යස්ථානය ගාල්ල කරාපිටිය නව මාතෘ රෝහලෙහි ස්ථාපනය කිරීමට මෙන්ම තුන්වන අදියර යටතේ අනෙකුත් සෑම පළාතකම එවැනි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බැඟින් ස්ථාපනය කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය බලාපොරොත්තු වේ.
ඒ අනුව කෘත්‍රිම සංසේචනය (IVF) සහ ඩිම්බ/ කළල අධිශීත කිරීම වැනි නවීන ප්‍රතිකාර ක්‍රමද සැලසීමට හැකි පරිදි මෙම මධ්‍යස්ථාන ඉදිවනු ඇත.
ශ්‍රී ලංකාවේ අඹුසැමි යුවළ අතරින් 15%කට වැඩි පිරිසක් මුහුණ දෙන ගැටළුවක් බවට 'මඳසරුභාවය' හෙවත් 'ගර්භිණීභාවය උදා කරගැනීමට අපොහොසත් වීම පවතින බව හඳුනාගනු ලැබ තිබේ.