ආනාගතේ උගත් බුද්ධිමත් ආදීවාසි තරුණයින් පාර්ලිමේන්තුවට එනවා

ආනාගතේ උගත් බුද්ධිමත් ආදීවාසි තරුණයින් පාර්ලිමේන්තුවට එනවා

January 13, 2018   06:16 pm



ආදීවාසීන් මුහුණදෙන ගැටළු සලකා බැලීමේදී ඉදිරියේදී උගත් බුද්ධිමත් ආදීවාසි තරුණයින් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇති බව ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.

මේ වන විට ආදීවාසීන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරිමට කිසිදු පාර්ශවයක් කටයුතු නොකරන බව  වන්නිල ඇත්තන් ප්‍රකාශ කරයි.

තමන්ගේ පාලන සමය තුළ නොවුණ ද ඉදිරි  කාලසීමාවලදී ආදීවාසී තරුණයින් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇති බව වන්නිල ඇත්තන් පවසයි.

දඹාන, කොටබකිනිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඌරුවරිගේ වන්නිල ඇත්තන්  මෙම අදහස් පල කළේය.