ශ්‍රී ලංකන් හා මිහින් ලංකා දූෂණ වංචා හොයන ජනාධිපති කොමිසම ලබන සතියේ පත් කරනවා

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා දූෂණ වංචා හොයන ජනාධිපති කොමිසම ලබන සතියේ පත් කරනවා

January 13, 2018   05:31 pm



ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන සතිය වන විට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියට එක්වෙමිනි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන ජනවාරි මුල් සතියේ පත් කරන බව මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණි.