අනතුරු අවම කිරීමේ වාර්ෂික සැලැස්ම බදාදා සිට ක්‍රියාත්මකයි
January 13, 2018 04:46 pm
මාර්ග අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් සම්පාදනය කළ වාර්ෂික සැලැස්ම ලබන බදාදා සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
වාර්ෂිකව මෙරට තුළ සිදුවන මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් පාපැදි හා යතුරුපැදි අනතුරු වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කළේය.
එම අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මාර්ග අනතුරු අවම කිරීමේ වාර්ෂික සැලැස්ම සම්පාදනය කරනු ලැබීය.
ඒ අනුව එය ක්‍රියාත්මක කිරීමේ කටයුතු දීපව්‍යාප්තව සිදු කිරීමට නියමිතව තිබේ.
මාර්ග අනතුරු අවම කිරීමේ වාර්ෂික සැලැස්ම යටතේ පා පැදිවල පිටුපස පරාවර්තිත ලේබල ඇලවීම සහ පාපැදි අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින් ද පරාවර්තිත ලේබල අනිවාර්යෙන්ම පාපැදිවල ඇලවිය යුතු බවට වන උපදෙස් ඒ යටතේ ලබාදීමට කටයුතු යොදා ඇති බව සඳහන්ය.