ජාතික නිදහස් පෙරමුණේ ප්‍රේමලාල්ලුත් මෛත්‍රීට සහය දෙයි

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රේමලාල්ලුත් මෛත්‍රීට සහය දෙයි

January 13, 2018   04:40 pm




ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් විධායක කමිටු  සාමාජික ප්‍රේමලාල් ෆොන්සේකා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළට සහය පලකර තිබේ.

අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවූ ප්‍රේමලාල් ෆොන්සේකා මහතා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

වංචාව, දූෂණ පිටුදැකිමින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළට තමා උපරිම සහයෝගය ලබා දෙන බව එහිදී ඔහු ප්‍රකාශ කර තිබේ.

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ද ප්‍රේමලාල් ෆොන්සේකා මහතා එහිදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල ක්‍රියාකරුවෙකු වූ ප්‍රේමලාල් ෆොන්සේකා මහතා එම පක්ෂය පිහිටුවීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රමයෙන් පක්ෂ සාමාජිකත්වය ලබාගත් කිහිපදෙනා අතර සිටි ප්‍රමුඛ සාමාජිකයෙකු වෙයි.