සාම්පූර් චෛත්‍යයේ  කැණීම් මේ මාසේ පටන් ගන්නවා

සාම්පූර් චෛත්‍යයේ කැණීම් මේ මාසේ පටන් ගන්නවා

January 13, 2018   04:31 pm



කිසියම් පිරිසක් විසින් පසුගියදා ඩෝසර් කරන ලද සාම්පූර් චෛත්‍යයේ  කැණීම් කටයුතු මේ මාසය ඇතුළත ආරම්භ කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතා සඳහන් කළේ එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට තමා අද දිනයේ එක් වූ බවයි.

ඒ අනුව කැණීම් කටයුතුවලින්  ලැබෙන සාධක අනුව සාම්පූර් චෛත්‍ය  සංරක්ෂණය කිරීමට පියවරගන්නා බව පී.බී මණ්ඩාවල මහතා සඳහන් කළේය.