Back to Top

හම්බන්තොට මාරාන්තික උපවාසය කරන සේවකයින් 11 දෙනා රෝහලට

හම්බන්තොට මාරාන්තික උපවාසය කරන සේවකයින් 11 දෙනා රෝහලට

January 13, 2018  03:20 pm

Bookmark and Share


හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායේ සේවයෙන් ඉවත් කෙරුණු සේවකයන් වරාය අධිකාරියට බදවාගෙන රැකියා සුරක්ෂිත කරදෙන ලෙස ඉලමින් මාරාන්තික උපවාසයේ යෙදුනු  සේවකයින් 11 දෙනාම අසාධ්‍ය තත්වයේ පසුවීම නිසා මේ වන විට රෝහල ගත කර තිබේ .

අදාළ සේවකයින් 11 දෙන විසින් පසුගිය 09 වනදා සිට මෙම මාරාන්තික උපවාසයේ යෙදුනු අතර අවස්ථා කීපයකදී උපවාස කරුවන් කීප දෙනෙකු හම්බන්තොට රෝහලට ඇතුලත් කළ අතර ඉන් ඉතිරිව සිටි අනෙක් සේවකයින් තිදෙනාද අද (13)පෙරවරුවේ අසාධ්‍ය  තත්වයේ පසු වූ හෙයින් හම්බන්තොට මහා රෝහලට ඇතුලත් කළේය.

එයත් සමගම මෙම මාරාන්තික උපවාසය නොකඩවා ගෙන යාම සදහා තවත් සේවකයින් 11 දෙනෙකු මෙම මාරාන්තික උපවාසයට  එක්වූ අතර  සේවිකාවන් දෙදෙනෙකුද වේ. 

කෙසේනමුත් මාගම්පුර වාරයේ සේවයෙන් ඉවත් කෙරුණු සේවකයින් 438 දෙනා නැවත වරයා අධිකාරියට බදවා ගන්නා ලෙස ඉල්ලමින් ඊයේ (12) දිනයේ තිස්සමහාරාමයේදී ජනාධිපති වරයා හට සන්දේශයක් බාර දුන් බවත් ,අමත්‍ය මහින්ද අමරවීර මහතා සහ තවත් ඇමති වරුන් කීපදෙනෙකු ඒ සම්බන්ධයෙන් කඩිනම් විසදුමක් ලබා දීමට පොරොන්දු වූ හෙයින් ඒ ගැන විශ්වාසහ්ය තබන බවත් තමන් හට ලිඛ්ත පොරොන්දුවක් දෙන තුරු මෙම මාරාන්තික උපවාසය පවත්වන බවත් හම්බන්තොට මාගම්පුර වරාය සේවක සංගමයේ සභාපති අයි ,කේ ,ඔමේෂ්  කියා සිටියේය .