17 හැවිරිදි සැකකරු ගෙලවැලලා ගත්තාට පොලිස් ලොක්කාට තැන් මාරු

17 හැවිරිදි සැකකරු ගෙලවැලලා ගත්තාට පොලිස් ලොක්කාට තැන් මාරු

January 13, 2018   02:35 pm


පොලිස් සිරමැදිරිය තුළදී සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ.

ඒ අනුව ඔහු මඩකළපුව පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස ස්ථානමාරු කර ඇති බව ජාතික පොලිස් කොමිසම සඳහන් කළේය.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි අදාළ ස්ථානමාරුවීම සිදු කර තිබේ.

ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත පසුගිය බදාදා 17 හැවිරිදි තරුණයෙකු පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව ඔහු පිටකොටුව පොලිස් සිරමැදිරියේ රඳවා තබා ඇති අතර බ්‍රහස්පතින්දා අළුයම අදාළ සැකකරු ඔහුගේ ඇඳුම් උපයෝගී කර ගනිමින් ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ කිරිමානගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන අතර මොහුගේ මියයාම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ද සිදු කළේය.

අදාළ විමර්ශනවලට අනුව පිටකොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මෙලෙස ස්ථාන මාරුකර ඇති බව ජාතික පොලිස් කොමිසම සඳහන් කළේය.