බලපත්ර නැතුව රට අරක්කු හා සිගරට් ප්රවාහනය කළ දෙදෙනෙක්ට වැඩ වරදියි
January 13, 2018 09:22 am
මුහුදුබඩ මාර්ගය, කොළඹ 11 ප්රදේශයේදී බලපත්ර නොමැතිව විදේශිය මත්පැන් සහ දුම්වැටි තොගයක් ප්රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරින් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසීය.
එහිදී ඔවුන් සතුව තිබී විදේශිය මත්පැන් බෝතල් 108ක් සහ තීරු බදු රහිතව ගෙන්වන ලද විදේශිය දුම්වැටි 9000ක් විශේෂ කාර්යය බලකා නිළධාරින් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් දර්ගා නගරය සහ කඩවත යන ප්රදේශවල පදිංචි 36 හැවිරිදි සහ 50 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර පිටකොටුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.