LTTE බුද්ධි අංශ පාවිච්චි කරපු නිල කාබායක් හිටි හැටියේ හමුවෙයි
January 13, 2018 09:18 am
එල්.ටී.ටී.ඊ.සංවිධානයේ බුද්ධි අංශ විසින් පරිහරණය කරණ ලද නිල කබායක් ආරක්ෂක අංශ විසින් මුලතිව් මුල්ලිවයික්කාල් ප්රදේශයෙන් සොයාගෙන තිබේ.
එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් පරිහරණය කරණ ලද සියළු දේ යුද්ධය අවසන් වීමත් සමගම ආරක්ෂක අංශ විසින් විනාශ කොට තිබියදී හදිසියේම මෙම කබාය එම ප්රදේශයේ තිබීම ආරක්ෂක අංශවලටද විශාල සැකයක් පහල වී තිබේ.
ආරක්ෂක අංශ සැකකරණු ලබන්නේ මෙම කබාය කිසියම් කෙනෙකු ළග තිබී මෙම ප්රදේශයට රැගෙනවිත් දමන්නට ඇති බවයි.
මුලතිව් ආරක්ෂක අංශ මේම කබාය පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.