Back to Top

වාරියපොල සුපිරි හොරා පොලීසියට මාට්ටු

වාරියපොල සුපිරි හොරා පොලීසියට මාට්ටු

January 13, 2018  08:45 am

Bookmark and Share


දිවයිනේ විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි සහ වෙනත් දේපල සොරා ගන්නා ලද පුද්ගලයෙකු වාරියපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වාරියපොල පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් සහ  නොවිසදුණු අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් පිරිසක් විසින් සිදු කළ විමර්ශනයකදී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එහිදී සැකකරු සතුව තිබී සොරාගන්නා ලද යතුරුපැදි 05ක් සහ ලැප්ටොප් පරිඝණක යන්ත්‍ර 03ක් පොලිසිය භාරයට ගෙන තිබේ.

සැකකරු අඹකදවල, හලාවත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ව්‍යාජ නම් 12කින් පෙනී සිට ඇති අතර  දිවයිනේ පොලිස් ස්ථාන රැසකට අවශ්‍යව සිටි  අයෙකු බවට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වාරිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර වාරියපොල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.