පාකිස්ථාන ව්‍යාපාරික හා කර්මාන්ත වෙළෙඳ ප්‍රදර්ශනය ජනපති විවෘත කරයි

පාකිස්ථාන ව්‍යාපාරික හා කර්මාන්ත වෙළෙඳ ප්‍රදර්ශනය ජනපති විවෘත කරයි

January 13, 2018   08:29 am



පාකිස්ථාන ව්‍යාපාරික හා කර්මාන්ත වෙළෙඳ ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ.

කොළඹ  බණ්ඩාරනායක  ජාත්‍යන්තර සම්මත්‍රන ශාලාවේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සමරමින් සහ එම සබඳතා නව ක්ෂේත්‍රයක් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනිම මෙහි අරමුණ වේ.

පාකිස්ථාන වෙළෙඳ සංවර්ධන අධිකාරිය  හා ශ්‍රී ලංකා පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

පාකිස්ථාන ව්‍යාපාරික හා කර්මාන්ත වෙළෙඳ ප්‍රදර්ශනය හෙට දක්වා පැවැත්විමට නියමිතය.