ජනතාවාදී වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා

ජනතාවාදී වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා

January 13, 2018   08:16 am



රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක දෙපස තබාගෙන තමා ජනාධිපති ධුරයේ වගකීම භාරගත්තේ ජනතාවාදී දේශපාලන ගමන් මගක් තුළ පුළුල් ජාතික මෙහෙවරක් ඉටුකිරිමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එම ගමනට ජාත්‍යන්තර ආශිර්වාදය ද නොඅඩුව  හිමිව ඇති බවයි.

සියලු දෙනාගේ ආශිර්වාදයෙන් සහ රටේ ජනතාවගේ සහයෝගයෙන් එම ජනතාවාදී වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

තිස්සමහාරාම, දෙබරවැව මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවට සහභාගීවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ රට වෙනුවෙන් ගෙන යන ජාතික වැඩපිළිවෙල ශක්තිමත් කර ගැනිම සඳහා පළාත් පාලන ආයතන ද නිවැරදි සහ ශක්තිමත් ආයතන බවට පත්කරගත යුතු  බවයි.

මේ අතර තම ධුරයේ නිළ කාලය පිළිබඳ සිදු කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසුම පිළිබඳ කිසිවෙකු කලබල නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මාතර, අකුරැස්ස  ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.