පොල්ගහවෙල ගුවන්පාලම 17 දා ජනතා අයිතියට

පොල්ගහවෙල ගුවන්පාලම 17 දා ජනතා අයිතියට

January 13, 2018   06:38 am




පොල්ගහවෙල ගුවන් පාලම එළැඹෙන 17 දා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
 
මීටර් 353ක දිගින් යුතු මෙම නව ගුවන් පාලම ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 2.203ක මුදලක් වැය කොට ඇත.
 
දුම්රිය ගමනාගමනය හේතුවෙන් දිනකට පැය 04 ක වැඩි කාලයක් පොල්ගහවෙල මාර්ගය වසා තැබීමෙන් සිදුවන අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස පොල්ගහවෙල ගුවන් පාලම ඉදිකිරීමට රජය කටයුතු කොට ඇත.
 
මෙම ගුවන් පාලම ස්පාඤ්ඤ ආධාර යටතේ ඉදිකරනු ලබන අතරම මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.