විද්‍යා දැරිය පැහැරගෙන ගිය වෑන් රථයේ රියදුරුට  ලැබුණු දඬුවම

විද්‍යා දැරිය පැහැරගෙන ගිය වෑන් රථයේ රියදුරුට ලැබුණු දඬුවම

January 12, 2018   09:14 pm


යාපනයේ පුංකුඩතීව් ප්‍රදේශයේදී සමූහ දූෂණයකට ලක්කොට මරාදැමූ විද්‍යා දැරිය පැහැරගෙන ගිය වෑන් රියේ අයිතිකරු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන යාපනය කයිට්ස් දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට මාස තුනක සිරදඩුවමක් හා රුපියල් 18000 ක දඩයක් කයිට්ස් දිසා විනිසුරු ඒ.එම්.එම්. රියාස් මහතා විසින් නියම කොට තිබේ.

ගණේෂසාමී නැමති අයට අයත් වාහනය කුළී පදනමක් මත  විද්‍යා දැරියගේ ඝාතකයින් විසින් රැගෙන ගොස් තිබූ අතර මේ දක්වාම ඔහුව සොයා ගැනීමට නොහැකි වූයේ ඔහු විදේශගතව සිටීම නිසා වෙනි.

ඔහු පැමිණීමෙන් පසුව අත්අඩංගුවට ගැණුනු අතර ඔහුට එරෙහිව චෝදනා හයක් ගොණු වී තිබුණි.

නමුත් විද්‍යා දැරිය ඝාතනය වන අවස්ථාවෙදී ඔහු රටේ නොසිටීමත්,එම ඝාතනයට මොහුගෙන් අනුබලයක් ලැබුණු බව ඔප්පු කිරීමට තරම් සාධක නොමැතිවීමත් යන කරුණු සැලකිල්ලට ගත් අධිකරණය වාහනය සම්බන්ධයෙන් ගොණු කොට තිබූ වැරදි වලට ඔහු වැරදිකරු වීම නිසා මෙම දඩුවම නියම වී තිබුණි.

වාහනයේ අයිතිකරු තම වාහනය වාහන කුළියට දෙන ආයතනයක් වෙත පවරා තිබූ අතර විද්‍යා දැරියගේ ඝාතකයින් එම වාහනය රැගෙන ගොස් තිබුණේ එම ආයතනයෙන් කුළී පදනමක් මතය.

මේ නිසා ඔහුට එල්ල වූ චෝදනා හයෙන් ඔහු වැරදිකරු වී තිබුණේ වාහනයේ තිබූ අඩුපාඩුකම් කීපයක් සදහා පමණි.