වව්නියාවේ පොලීසියෙන් දිළිඳු පවුලට දුන්න තෑග්ග
January 12, 2018 07:57 pm
වව්නියාව පූවරසන්කුලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් විසින් පළාතේ නිවසක් නොමැති දිළිදු පවුලකට නිවසක් ඉදිකොට දී තිබේ.
පසුගියදා පූවරසන්කුලම පොලිස් ස්ථානාධිපති චමින්ද එදිරිසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් සර්ව ආගමික වතාවත් පවත්වා එම නිවස දිළිදු පවුල වෙත ලබා දෙන ලදී.
වවුනියාව හා මන්නාරම දිසාවන් බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අදහසකට අනුව මෙම නිවස ඉදි කොට තිබේ.
පොලිස් ප්‍රජා සේවාව අර්ථවත් කිරීමේ හා සංහිදියාව ගොඩනැගීමේ අරමුණින් වවුනියාවේ පොලිස් නිලධාරීන් මෙවැනි සමාජ සත්කාර වැඩ සටහන් මේ දිනවල ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කරමින් සිටිති.