කතුන්ට මත්පැන් මිලට ගන්න ලැබුණ අවසරය ගැන මහානාහිමියන්ගේ මතය විමසයි

කතුන්ට මත්පැන් මිලට ගන්න ලැබුණ අවසරය ගැන මහානාහිමියන්ගේ මතය විමසයි

January 12, 2018   06:09 pm

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට සහ විකිණිමට තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් අදහස් පළකළ යුතු බව සිංහලේ ජාතික පෙරමුණ පවසයි.

එම පෙරමුණේ හිමිවරුන් අද(12) කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මේබව ප්‍රකාශ කළා. 

එක පෑන් ඉරකින් සදහටම මතට තිත තැබීමට අවකාශ ඇති බව ද උන්වහන්සේ කියා සිටියේය.

මත්පැන් දුලබ කරනවා යනුවෙන් පවසා අද වන විට ආණ්ඩුව එය සුලබ කර ඇති බව ද පැවසු මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් කාන්තාවන් මත්පැන් සඳහා ඇබ්බැහි වුවහොත් මුළු මහත් ජාතියකට අබ සරණයි යනුවෙන් ද පැවසීය.

සංස්කෘතියට මෙවැනි ක්‍රියා තුළි පහර දී ඇති බව ද කියා සිටි උන්වහන්සේ මහා නායක හිමියන්ට පිරිකර රැස් නොකර මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයන් ගන්නා ලෙස පවසන බව ද සඳහන් කළේය.