මගේ කාලේ නම් කිසිම වෙලාවක අවසරයක් නැතුව බැඳුම්කර නිකුත් කළේ නෑ මම හිතන්නේ

මගේ කාලේ නම් කිසිම වෙලාවක අවසරයක් නැතුව බැඳුම්කර නිකුත් කළේ නෑ මම හිතන්නේ

January 12, 2018   12:41 pm


සිය පාලන සමයේදී කිසිඳු අවස්ථාවක මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියකින් තොරව බැඳුම්කර නිකුත් කළේ යැයි තමා විශ්වාස නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බී.බී.සී සන්දේශය සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සිදු කරන ඕනෑම පරීක්ෂණයකට තමන්ගේ  සම්පූර්ණ සහයෝගය හිමි වන බවයි.

මහ බැංකුවේ ගනුදෙනු සඳහා එවකට මුදල් අමාත්‍යවරයා ලෙස තමන් කිසිඳු මැදිහත්වීමක් සිදු නොකළ බව මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.