පුංචි ඡන්දෙට අපේක්ෂකයෙක් ළමයින් යොදාගෙන රැස්වීමක් කරලා - තාම පියවරක් අරන් නෑ

පුංචි ඡන්දෙට අපේක්ෂකයෙක් ළමයින් යොදාගෙන රැස්වීමක් කරලා - තාම පියවරක් අරන් නෑ

January 12, 2018   12:14 pm



පළාත් පාලන මැතිවරණයට  තරග කරණ අපේක්ෂකයෙකු කිළිනොච්චිය තොණ්ඩමන් නගර් පළාතේ පිහිටි සිය නිවස ඉදිරිපිට පාසල් ළමුන් 50 කගේ පමණ සහභාගිත්වයෙන් ජනහමුවක් 11 දා පවත්වා ඇතත් ඊට එරෙහිව කිසිවෙකු හෝ පියවර ගෙන නොමැති බව ප්‍රදේශ වාසීහු කියා සිටිති.

මෙම ජනහමුව ඔහුගේ නිවස ඉදිරිපිට  පැවත්වූ අවස්ථාවේදී ගම්මානයේ වැසියෝ 150 ක් පමණද සහභාගී වී අති අතර ඔහු මේ සදහා කුඩා ශබ්දවාහිනී යන්ත්‍රයක්ද උපයෝගී කාර්ගත් බව ප්‍රදේශ වාසීන් කියා සිටියි.

මේ සියළුම කාර්යයන් මැතිවරණ නීතිරීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වුවත් ඒ වෙනුවෙන් සෙසු දේශපාලන පක්ෂ හෝ නිලධාරීන්  නීතිය ක්‍රියාත්මක නොකළ බව ප්‍රදේශවාසීන් කියා සිටියි.

මේ අපේක්ෂකයා දෙමළ දේශපාලන පක්ෂයකින් මෙවර පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ලබා දී අති අයෙකි.