තුන්කොන් එක්දින තරඟාවලියට යන්න කණ්ඩායම හෙට පිටත් වෙයි

තුන්කොන් එක්දින තරඟාවලියට යන්න කණ්ඩායම හෙට පිටත් වෙයි

January 12, 2018   12:11 pm



බංග්ලාදේශයේ  පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.

තරඟාවලිය සඳහා සහභාගීවන ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබීය.

චන්දික හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟාවලිය මෙය වෙයි.

බංග්ලාදේශය, සිම්බාබ්වේ, ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟාවලියේ පළමු තරඟය ලබන 15 වනදා බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය සිම්බාබ්වේ කණ්ඩායම සමග ලබන 17 වනදා පැවැත්වෙයි.