බස් නැවතුම්පොළට යන් නැතුව මාර්ගය අසළින් මගීන් පටවාගත්තට දඩ කොළ

බස් නැවතුම්පොළට යන් නැතුව මාර්ගය අසළින් මගීන් පටවාගත්තට දඩ කොළ

January 12, 2018   11:57 am



වව්නියාව නව බස්නවතුම් පලට බස් රථ ඇතුළු නොකොට  මහාමාර්ගය අසලින් මගීන් බස් රථවලට නංවාගත් රියදුරන් 8 දෙනෙකුට එරෙහිව වව්නියාව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් දඩ කොල ලබා දී තිබේ.

වව්නියාවේ බස් නැවතුම්පලට ඇතුළු නොකට අතර මගදී මගීන් පටවා ගැනීම වරදක් බව මීට ඉහතදී පොලීසිය විසින් බස් රථ රියදුරන්ට දැණුම් දී  ඇත.

තත්ත්වය එසේ තිබියදී රියදුරන් වව්නියාවේ නව බස් නවතුම්පල ඉදිරිපිට මහා මාර්ගයේ නවතා මගීන් පටවා ගන්නා බවට ලද පැමිණිල්ලක් මත පොලීසිය මෙම ස්ථානයේ රැදී සිට රියදුරන්ව අත් අඩංගුවට ගෙන තිබේ.

වව්නියාවෙන් පිට පළාත්වල සිට පැමිණෙන දුර ගමන් සේවා බස් රථ  වලට වව්නියාව නව බස් නවතුම් පලට බස් රථ ඇතුළු කිරීම තහනම් වන අතර ඔවුන්ට සිය බස් රථ නතර කිරීම සදහා දුර ගමන් සේවා බස් නවතුම්පල් කීපයක්ම වව්නියාව නගරාසන්නයේ පිහිටුවා දී තිබේ.