කාමයෙන් මත් වූ තරුණයින් 3 ක් පාසල් දැරියක් සමූහ දූෂණය කරලා - දරා ගන්න බැරුව දැරිය ගසක එල්ලෙයි

කාමයෙන් මත් වූ තරුණයින් 3 ක් පාසල් දැරියක් සමූහ දූෂණය කරලා - දරා ගන්න බැරුව දැරිය ගසක එල්ලෙයි

January 12, 2018   11:37 am




හම්බන්තොට තිස්සමහාරාම මාගම ප්‍රදේශයේ වයස අවුරුදු 14 ක දැරියක් සමූහ දූෂණයට ලක් කර තිබේ.

මෙලෙස දැරිය සමූහ දූෂණයට ලක් කර ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 20 ක තරුණයෙක් හා 22 ක තරුණයින් දෙදෙනෙක් වියිනි.

දූෂණයට ලක්වූ දැරිය විසින් ලිපියක් ලියා තබා නිවස පිටුපස පිහිටි කොහොඹ ගසක සාරියක් ආධාරයෙන්  එල්ලී ඇති අතර පසුව මෙම සිදුවීම නිවැසියන් දැක ඇති අතර දැරිය බේරාගෙන  හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.

දැරිය මේ වන විට අසාධ්‍ය තත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධියට සම්බන්ධ තරුණයින් තිදෙනා ප්‍රදේශවාසීන් විසින් යාල රක්ෂිත ප්‍රදේශයේ සැඟව සිටියදී අල්ලාගෙන ඇති අතර ඔවන් විසින් එම  සැකකාර තරුණයින් තිදෙනාට බරපතල ලෙස පහරදී වීරවිල පොලීසිට බාරදී තිබේ.

අදාළ තරුණයින් තිදෙනා තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කෙසේ වෙතත් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයින් තිදෙනා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ දෙබරවැව මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වීරවිල පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදු කරයි.