පොලීතින් ව්‍යාපාරිකයින් ලියාපදිංචි කිරීම ඇරඹෙයි

පොලීතින් ව්‍යාපාරිකයින් ලියාපදිංචි කිරීම ඇරඹෙයි

January 12, 2018   11:27 am



ජෛව හායනයට ලක්වන පොලීතින් සහ කොම්පෝස්ට් බවට පත්වන පොලීතින් ව්‍යාපාරිකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

වසර ආරම්භයේදී පනවනු ලැබූ පොලීතින් තහනමත් සමඟ මතු වූ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ඊට අදාළ නිර්නායක හඳුන්වාදෙනු ලැබීය.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය මඟින් අදාළ ව්‍යාපාරිකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

අදාළ පොලිතීන් වර්ග මෙරටදී නිෂ්පාදනය කිරීම අවම වශයෙන් සිදුවන අතර බොහෝ ව්‍යාපාරිකයින් එම නිෂ්පාදන ආනයනය කිරීමට යොමුව ඇති බව සඳහන්ය.

ජෛව හායනයට ලක්වන පොලිතීන් හා කොම්පෝස්ට් බවට පත්වන පෙලිතීන් ආනයනය, නිෂ්පාදනය සහ ඒවාට අවශ්‍යම අමුද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් වූ  නිර්නායක ඊට ඇතුළත් වෙයි.